30 C
Galle

ඥාති සොයුරන් දෙදෙනකු දැදුරුඔයට බිලිවෙයි

Published:

කොබෙයිගනේ, ඇඹලායගම දී දැදුරුඔයේ දිය නෑමට ගිය ඥාති සහෝදරයන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි කොබෙයිගනේ පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය, ගලහිටියාවේ පදිංචි වයස අවුරුදු 18ක් සහ 24ක් වූ තරුණයන් දෙදෙනෙකි.

ඥාති තරුණයන් පිරිසක් කුලියාපිටියේ සිට මෙලෙස කොබෙයිගනේට පැමිණ ඇත්තේ සති අන්තය විනෝදයෙන් ගතකිරීම සඳහා බව පොලිසිය පවසයි.

මියගිය දෙදෙනාගේ සිරුරු නිකවැරටිය ‍රෝහ‍ලට යවා ඇති අතර අද (27) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!