33.2 C
Galle

පාසල් යළි ආරම්භකිරීම ගැන අධ්‍යාපන ඇමති කියන කතාව

Published:

සෞඛ්‍ය උපදෙස් මත අගෝස්තු අවසානයේ හෝ සැප්තැම්බර් මුල පියවරෙන් පියවර යළි පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (26) නෙළුම් මාවතේ පැවැති පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

පාසල් ආරම්භකිරීමේ අරමුණින් ආරම්භකර ඇති එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල අනුව දෙවැනි මාත්‍රාව අගෝස්තු අවසානයට පෙර ලබාදිය හැකි බැවින් පාසල් ආරම්භ කළ හැකිවේයැයි බලාපොරොත්තුවන බව ද ඇමතිවරයා කීවේය.

මේ අතර ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටලුව විසඳීමට රජය තමන්ට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව ද ඒ සම්බන්ධයෙන් ගුරු සංගම් සමග හෙට (27) සාකච්ඡාවක් පවත්වන බව ද ජී.එල්.පීරිස් අමාත්‍යවරයා කීවේය.

Related articles

spot_img
error: Content is protected !!