27.4 C
Galle

ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම

Published:

ස්ත්‍රී දූෂකයන්ට මරණ දඞුවම ක්‍රියාත්මක කිරීමට බංගලාදේශ රජය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. නීති අමාත්‍ය අනිසුල් හක් පවසා ඇත්තේ අඟහරුවාදා (13) දිනයේදී ඒය නීතිගත කරමින් ඒරට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරන බවයි.

පසුගිය සතියේ බංගලාදේශ කාන්තාවකට පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දීමේ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වීමත් සමග රටපුරා නොසන්සුන්තාවයක් වර්ධනය විය. පසුගිය සති අන්තයේ බොහෝ ස්ථාන වල විරෝධතා ආරම්භ වූ අතර උද්ඝෝෂකයන් පවසා සිටියේ ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම නියම කරන ලෙසයි.

උද්ඝෝෂණ වලට ක්ෂණික ප්‍රතිචාර දක්වමින්, පාර්ලිමේන්තුව රැස් නොවී ආඥා පනතක් මගින් නීතිය වෙනස් කිරීමට බංගලාදේශ රජය තීරණය කර තිබේ.

පසුගිය වසරේදී බංගලාදේශයේ ස්ත්‍රී දූෂණ 5,400ක් පමණ වාර්තා වී තිබේ. නමුත් කාන්තාවන් අපකීර්තියට පත්වීමට ඇති අකමැත්ත නිසා බොහෝ සිද්ධීන් වාර්තා නොවන බවද සමාජ ක්‍රියාකාරීහු පෙන්වා දෙති. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක වීමේ අනුපාතය බෙහෙවින් අඩු බවයි. ඒබැවින් ඔවුන් ඉල්ලා සිටින්නේ ස්ත්‍රී දූෂණ නඩු පවරන ආකාරය වෙනස් කරන ලෙස හා නඩු කටයුතු වේගවත් කරන ලෙසයි.

Related articles

spot_img
error: Content is protected !!