27.9 C
Galle

දකුණේ කොරෝනා අවදානම වැඩිවෙයි. රෝගීන් 133%කින් වර්ධනය වෙලා

Published:

දකුණු පළාතෙන් පසුගිය දින 05ක දී කොරෝනා ආසාදිතයන් 1996 දෙනකු වාර්තා වී තිබේ. පසුගිය ජුනි මාසයේ 28, 29,30,31 සහ අද (අගෝස්තු 01) මෙම ආසාදිතයන් වාර්තා වී ඇත.

එම දින 05 අනුරූප ඊට ජුනි මාසයේ 28 සිට ජූලි 02 වැනි දින දක්වා දකුණු පළාතෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 856කි.

ඒ අනුව මෙම මාසයේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම දකුණු පළාතේ දෙගුණයකටත් වැඩි වී තිබීම විශේෂත්වයකි. මෙය 133.17 % වර්ධනයකි.

දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය දෛනිකව නිකුත්කරනු ලබන වාර්තාවෙන් මේ බව තහවුරු වෙයි. එයින් පැහැදිලිවන්නේ කොරෝනා පැතිරීම තවමත් ඉතාමත් වේගයෙන් සිදුවන බවයි.

සාමාන්‍ය සමාජයෙන් වාර්තාවන ආසාදිතයන් අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 993කි. මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 553ක් වාර්තාවන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 185 දෙනකු වාර්තා වී ඇත.

ඉහත දින 05 තුළ දී වාර්තා වූ අනෙක් ආසාදිතයන් 268 දෙනා වාර්තා වී ඇත්තේ දකුණු පළාතේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන, රෝහල්, බන්ධනාගාර සහ විශ්වවිද්‍යාල තුළිනි.

Related articles

error: Content is protected !!