27.1 C
Galle

තිදෙනකුට මරු කැඳවූ රිය අනතුර (CCTV)

Published:

මීගොඩ වටරැක දුම්රිය ස්ථානයේ දී‍ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ලිස්සාගිය ලොරියක් ත්‍රී රෝද රථයක් මතට පෙරැළීමෙන් මාස හතරක දැරියක ඇතුළු තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ මීගොඩ සෝමරත්න මාවතේ පදිංචි ප්‍රියානි චන්ද්‍රිකා (57) ඇගේ මිණිපිරිය වන කේ.සී.වීරසිංහ (මාස 04) සහ වටරැක පදිංචි ඩී.සිරිනන්ද (49) නමැති ත්‍රී රෝද රථ රියදුරු යන තිදෙනාය.

දැරියගේ මව වූ 36 හැවිරිදි සචිනි සමරසේකර තුවාල ලබා  ඇති අතර ඇය කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත. ඇගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.

ඔවුන් පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේ එන්නත්කරණය සඳහා යමින් සිටි බව ද මීගොඩ පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!