27.1 C
Galle

කාන්තා මළ සිරුරක් ගෝනියක දමා තිබී හමුවෙයි

Published:

වාලච්චේන නගරයේ සුරතල් මසුන් සහ ඇලුමිනියම් භාණ්ඩ අළෙවිකරන වෙළෙඳ සැළක ගෝනියක තිබී කාන්තා මළ සිරුරක් හමුවී ඇතැයි පොලිසිය පවසයි.

වාලච්චේන නගරයේ සුරතල් මසුන් සහ ඇලුමිනියම් භාණ්ඩ අළෙවිකරන වෙළෙඳ සැළක තිබී මෙම ගෝනියේ දැමූ කාන්තා මළ සිරුර හමුවී ඇත.

පොලිසිය පවසන්නේ ඊයේ (05) වාලච්චේන ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවකගේ අතුරුදන්වීමක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණු බවයි. බැංකුවට යන බව පවසා නිවසින් ඇය පිටව ගිය බව ද දැනගන්නට ඇත.

අතුරුදන් වූ බව කියන කාන්තාව ත්‍රීරෝද රථයකින් බැංකුවට යෑම සඳහා පිටත්වී ඇති අතර එම ත්‍රීරෝද රථයේ රියදුරු විසින් මෙම ගෝනි දෙක අදාළ වෙළෙඳසැළ වෙත ගෙනැවිත් ඇති බවද මේ වනවිට අනාවරණය වී තිබේ.

ඒ අනුව ත්‍රීරෝද රථයේ රියදුරුව ද වාලච්චේන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!