26.9 C
Galle

දකුණේ ආසාදිතයන් වාර්තාව යළි අලුත් වෙයි

Published:

දකුණු පළාතෙන් අද (06) උදෑසන 9.00ට අවසන් වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 683 ‍දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි.

මෙය දිනක් තුළ දකුණු පළාතෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ද වෙයි.

එම කාලය තුළ වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 295කි, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 290ක් වාර්තා වී ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 95 දෙනකු වාර්තා වී ඇත. ඔවුන් සියලු දෙනාම සාමාන්‍ය සමාජයෙන් වාර්තා වී ඇති අතර ඉතිරි තිදෙනා වාර්තා වී ඇත්තේ රෝහල්වලිනි.

මේ අනුව දකුණු පළාතෙන් මෙතෙක් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 29,719කි. එම පරිස අතරින් තවමත් ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 4,662ක් බව ද දකුණු පළාත් කොරෝනා තොතරතුරු මධ්‍යස්ථානය නිකුත්කළ වාර්තාවේ දැක්වෙයි.

Related articles

spot_img
error: Content is protected !!