29.7 C
Galle

අධිවේගයේ වාහන 17ක් එකට ගැටේ

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර 23 ආසන්නයේ දී වාහන 17ක් එකිනෙක ගැටී ඇතැයි පොලිසිය පවසයි.

මෙම අනතුරුවලින් තුවාල ලැබූ හතර දෙනකු රෝහල්ගත කර ඇත.

අනතුර හේතුවෙන් ඊයේ රාත්‍රී කොළඹ දෙසට ගමන් ගන්නා මංතීරුවේ දැඩි වාහන තදබදයක් ඇතිවිය.

එකිනෙක ගැටී තිබුණු වාහන 17 ඉවත්කිරීමට ඊයේ රාත්‍රී පැය ගණනක් ගත වූ බව ද මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. වෑන් රථයක් හදිසියේ ම තිරිංග තදකිරීමත් සමඟ ඒ පිටුපසින් පැමිණි තවත් වාහන 16ක් මෙලෙස අනතුරට පත්ව තිබිණි.

අවුරුදු නිවාඩු දිනවල දී කොළඹ සිට ගම්බිම් බලා ගිය විශාල පිරිසක් ඊයේ රාත්‍රී ආපසු කොළඹ දෙසට පැමිණීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැමිණෙන වාහන සංඛ්‍යාව ද සාපේක්ෂව වැඩි වී තිබූ බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.

Related articles

spot_img
error: Content is protected !!