29.4 C
Galle

දකුණේ දෛනික ආසාදිතයන්ගේ සීඝ්‍ර වැඩිවීමක්

Published:

දකුණු පළාතෙන් අද (07) උදෑසන 9.00 ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 790 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

මෙය දකුණු පළාතෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවයි.

වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 390කි. මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 223ක් වාර්තා වී ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 107ක් වාර්තා වී තිබේ.

සමාජයෙන් වාර්තා වූ එම සංඛ්‍යාවට අමතරව රෝහල්වලින් ආසාදිතයන් 63 දෙනකු සහ බන්ධනාගාර සහ විශ්වවිද්‍යාල තුළින් ආසාදිතයන් 07 දෙනකු වාර්තා වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!