27.6 C
Galle

පිටිගල වෙල්යායකින් මළ සිරුරක් හමුවෙයි

Published:

පිටිගල, කරව්ව වෙල්යායේ තිබී අද (09) අළුයම පුද්ගල මළ සිරුරක් හමුවී ඇතැයි පිටිගල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පිටිගල මන්නගොඩ පදිංචි නිහාල් අතුකෝරළ නමැති 57 හැවිරිදි තිදරු පියෙකි.

පොලිසිය පවසන්නේ පොලු මුඟුරුවලින් පහර දී ඔහු ඝාතනය කර ඇති බවට සැකයක් පවතින බවයි.

මියගිය පුද්ගලයා නිවසින් පිටව ගොස් යළි නිවසට නොපැමිණි බවට ලැබුණු දැනුම් දීමකට අනුව කරන ලද සොයා බැලීමක දී මෙම මළ සිරුර හමුවී තිබේ. පිටිගල පොලිසිය ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!