29.4 C
Galle

අධ්‍යාපන සැළසුම වරදී. පාසල් ආරම්භයට දින නියමයක් නෑ

Published:

අධ්‍යාපන අමාත්‍යාංශයේ සැළැස්ම වැරදුණු බවත් පාසල් සැළසුම් කළ පරිදි ආරම්භ කිරීමට නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (09) නෙළුම් මාවතේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අමාත්‍යවරයා මීට පෙර කියා සිටියේ අගෝස්තු මස අවසානයට පෙර සියලු ගුරුවරුන්ට සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට කොරෝනා මර්ධන දෙවැනි එන්නත් මාත්‍රාව ද ලබාා දී පියවරෙන් පියවර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල් ආරම්භ කිරීමයි.

බලාපොරොත්තු වූ සැළැස්ම ක්‍රියාත්මක කළ නොහැකි වූ බැවින් ඒ ආකාරයනේ පාසල් ආරම්භකිරීමට නොහැකි වන බව අධ්‍යාපන ඇමතිවරයා අද කීවේය.

මේ හේතුවෙන් ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ශක්තිමත් කිරීම අත්‍යාවශ්‍ය බවත් ගුරුවරු ඉන් ඉවත්වීමෙන් අසාධාරණයට ලක්වන්නේ දරුවන් බවත් අමාත්‍යවරයා කියා සිටි‍යේය.

Related articles

spot_img
error: Content is protected !!