30.5 C
Galle

කොටහළු මඟුලක් නිසා පවුල් රැසක් නිරෝධායනයේ

Published:

දැරියක වැඩිවියට පත්වීම නිමිත්තෙන් සාදයක් පැවැත්වූ පවුල් 08ක පුද්ගලයන් 50ක් දින 14ක් ස්වයං නිරෝධායයට යොමුකිරීමට මහජන සෞඛ්‍ය පරීක්සකවරු අද (14) පියවර ගෙන තිබේ.

මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ නෝර්වුඩ් ප්‍රදේශයේ මෙම උත්සවය සංවිධානය කර තිබිණි. කොරෝනා වසංගත තත්වය හේතුවෙන් නිවෙස්වල සාද පැවැත්වීම ද තහනම් කර තිබිය දී ඔවුන් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මෙම සාදය පවත්වා ඇත.

මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී.චන්ද්‍රරාජන් පවසන්නේ නෝර්වුඩ් ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් විශාල පිරිසක් වාර්තා වී ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!