27.4 C
Galle

බලංගොඩ අධිකරණ කටයුතු සතියකට නවතී

Published:

බලන්ගොඩ දිසා අධිකරණයේ සහ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන සියලු නඩුකටයුතුවලින්  හෙට (17) සිට සතියක කාලයක් සඳහා ඉවත්වීමට නීතිඥ සංගමය තිරීනය කළ බව එහි සභාපති නීතිඥ දේශබන්දු සූරියපටබැඳි පවසයි.

ඔහු පවසන්නේ මෙලෙස ඉවත්වන බව මහේස්ත්‍රාත්වරුන්ට දැනුම් දුන් බවයි. ඒ හේතුවෙන් නඩු කටයුතු සඳහා බලංගොඩ දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණවලට නොපැමිණෙන ලෙස ද නීතිඥ සංගමය සිය සේවාදායකයන්ට දැනුම් දෙයි.

නීතිඥ සූරියපටබැඳි මෙසේ ද කීවේය.

“ඔවුන් නොපැමිණියා කියා අසාධාරණයක් වෙන්නේ නැහැ. ඔවුන්ට එරෙහිව වරෙන්තු නියෝග නිකුත් වෙන්නේ නැහැ. කොරෝනා රෝගය වේගයෙන් පැතිරයන නිසා අපි මේ තීරණ්‍ය ගත්තේ අධිකරණ කාර්ය මණ්ඩලයේ, මහේස්ත්‍රාත්තුමාගේ, නීතිඥවරුන්ගේ සහ ඔවුන් සියලු දෙනාගේ ම පවුල්වල අයගේ ද සෞඛ්‍ය ආරක්ෂාව ගැන සිතා සෞඛ්‍ය අංශවල වැඩපිළිවෙලට සහය දැක්වීක් විදියට.”

Related articles

spot_img
error: Content is protected !!