31.6 C
Galle

පාරිසරික සංවේදී කලාප හතරක් අලුතෙන් නම්කරයි

Published:

මෙරට තවත් වැදගත් පාරිසරික පද්ධති හතරක් නව පාරිසරික සංවේදී කලාප ලෙස නම් කළ බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

මානෑව, ග‌ඟේවාඩිය, එළුවන්කුලම හා ගල්නෑව යන ප්‍රදේශවලින් මෙම පරිසර කලාප හඳුනාගෙන තිබේ.

ඉතාමත් වටිනා පරිසර පද්ධතිවලින් සමන්විත එම ප්‍රදේශ සංවේදී කලාප ලෙස නම් කර නොතිබීම නිසා සංවර්ධන ව්‍යාපෘතිවල දී එම පද්ධතීන්ට හානි සිදුවී ඇතැයි කී ලේකම්වරයා සංවේදී පරිසර කළාප ලෙස ඒවා සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බැවින් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට එම පරිසර කලාප විනාශ කිරීමට නීතියෙන් ඉඩ නොලැබෙන බව ද කීවේය.

Related articles

spot_img
error: Content is protected !!