27 C
Galle

ගුරු විදුහල්පති ගැටලු විසඳීමේ අනුකමිටු වාර්තාව මුදල් අමාත්‍යාංශය භාරදෙයි

Published:

ගුරු විදුහල්පති ගැටලුව විසඳීම සඳහා පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව මුදල් අමාත්‍යාංශයට ඊයේ (20) භාර දී තිබේ.

මේ සම්බන්ධයෙන් එම අනුකමිටුව සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර පැවැති සාකච්ඡාවක දී එම වාර්තාව භාර දී ඇති අතර ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් පසු ඉදිරි කැබිනට් රැස්වීමක් සඳහා එම යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කමිටු සාමාජික අමාත්‍ය මහින්ද අමරවීර මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලු විසඳීම සඳහා යෝජනා රැසක් එම වාර්තාවෙන් ඉදිරිපත් කළ බවයි.

Related articles

spot_img
error: Content is protected !!