26.9 C
Galle

“මාධ්‍යවේදියාගේ ජීවිත ආරක්ෂාව සුරකින්න” යැයි මාධ්‍ය සංවිධාන ඉල්ලයි

Published:

පොලිස් අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින වෙබ් මාධ්‍යවේදියාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස මාධ්‍ය සංවිධාන එකමුතුව පොලිස්පති චන්දන වික්‍රමරත්නට ලිඛිතව දැනුම් දී තිබේ.

මෙලෙස රඳවාගෙන ඇත්තේ වෙබ් මාධ්‍යවේදියකු වන කීර්ති රත්නායකය. ඔහු ඉන්දියානු තානාපති කාර්යාලයට කිසියම් තොරතුරක් ලබාදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.

මාධ්‍ය සංවිධාන එකමුතුව ඉල්ලා සිටින්නේ මේ කරුණු සම්බන්ධයෙන් නියමිත නීතිමය ප්‍රතිපාදන  යටතේ පරීක්ෂණයක් සිදුකර ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසයි.

අධිකරණ ක්‍රියාවලියක දී කිසියම් සිද්ධියකට අදාල මූලාශ්‍ර මිස තොරතුරු ලැබුණු මූලාශ්‍ර හෙළිදරව් නොකිරීමට වෘත්තීය වගකීමක් සහ සම්ප්‍රදායක් මාධ්‍යවේදීන්ට ඇති බව ද මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!