31.6 C
Galle

බො‍රැල්ලේ දී පොලිසියට පාට් දැමූ තරුණිය අත්අඩංගුවට

Published:

බොරැල්ලේ මාර්ගයක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට අසභ්‍ය වචනයෙන් බැන වැදුණු තරුණියක ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසයි.

එම බැන වැදීමේ සිද්ධිය මාධ්‍යවල ප්‍රචාරය විය.

අත්අඩංගුවට ගත් පිරිස අතර බැන වැදුණු තරුණිය සහ තවත් තරුණියකත්, තරුණයන් දෙදෙනකු සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. එලෙස බැනවදින තරුණිය වත්තල පදිංචි 26 හැවිරදි අයෙකි.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!