31.6 C
Galle

හැංගිමුත්තමට ගිය දරුවා බිත්තයකට යට වී සදාකාලිකවම සැඟවෙයි

Published:

අලුත්ගම දර්ගා නගරයේ එස්එම් පාරේ ඉදිකරමින් තිබූ නවසක ගල් බැම්මක් කඩා වැටීමේ දී එයට යට වූ 09 හැවිරිදි පිරිමි ළමයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොහොමඩ් රිස්ලාන් මොහොමඩ් අස්ජඩ් නමැති අයෙකි.

මෙම දරුවා තම සහෝදරයන් තිදෙනෙකු සමඟ නිවසේ සෙල්ලම් කරමින් සිටි බවත් එම අවස්ථාවේ දී සැඟවීම සඳහා ඉදිකරමින් තිබූ යාබද නිවසකට ගොස් එහි සිමෙන්ති ගලින් බැඳි බිත්තියක් ඇල්ලීමට යාමේ දී එම බිත්තිය ඔහුගේ සිරුර මතට පෙරැළී ඇතැයි මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත. ඔහු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත. අලුත්ගම පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!