29.8 C
Galle

අතුරුදන් වූ දැරියගේ මළ සිරුර වෙල්යායක් අසළින් හමුවෙයි

Published:

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ දී ඊයේ (27) අතුරුදන් වූ 09 හැවිරිදි දැරියගේ මළ සිරුර වෙල්යායක තිබී සොයාගත් බව පොලිසිය කියයි.

ඊයේ උදෑසන 10.00ට පමණ නිවස ආසන්නයේ වෙළෙඳ සැළකට කුකුළු මස් රැගෙන ඒමට ගිය දැරිය යළි නිවසට පැමිණ තිබුණේ නැත.

අද දහවල් ඇගේ මළ සිරුර අටලුගම වෙල්යායක් ආසන්නයේ තිබී හමුවී ඇත.

අටලුගම මහ පල්ලිය ඉදිරිපිට නිවසක පදිංචිව සිටි ෆාතිමා ආයිෂා නමැති මෙම දැරිය අටලුගම අල්ගස්සාලි විදුහලේ 04 වැනි වසරේ ඉගෙනුම ලැබුවාය.

Related articles

spot_img
error: Content is protected !!