29.8 C
Galle

අටලුගම දැරියගේ ඝාතකයා යැයි සැකපිට අසල්වැසියෙක් අත්අඩංගුවට

Published:

අටලුගම 09 හැවිරිදි පාසල් සිසුවිය ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ පලාවර්ග වගාකරන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

දැරියගේ මළ සිරුර තිබී ඇත්තේ ඔහුගේ කීර කොරටුවට යාබදව ඇති ලඳු කැලෑ ප්‍රදේශයකය.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා විට ඔහුගේ සිරුරේ සීරීම් තුවාල දක්නට තිබී ඇති අතර නිවසේ ඇඳ යට තිබී මඩ තැවරුණු සරමක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

සැකපිට අත්අඩංගුවට ගත් එම පුද්ගලයා දැරිය අතුරුදන් වූ අවස්ථාවේ දැරිය ගමන්ගත් මාර්ගයේ ඔහුගේ කීරකොරටුව ඉදිරිපිට මුල්ලුවක් ද අතින් ගෙන සිටි බවට ලැබුණු තොරතුරක් අනුව පොලිසිය ඔහු පිළිබඳ සෝදිසියෙන් සිට මෙලස අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති එම පුද්ගලයා ‍මීට ඉහත දී මවක් සහ දියණියක් සිටින නිවසකට රාත්‍රී කාලයේ දී ඇතුළු වී ලිංගික අතවර කිරීමට තැත් කළ පුද්ගලයකු බවට බණ්ඩාරගම පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි ද වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!