30 C
Galle

පාස්කු ප්‍රහාරයේ නඩු විභාගයට ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරයි

Published:

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති 25 දෙනකුට එරෙහිව නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අද (01) පත්කරන ලදී.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර ඇති චෝදනා 23,270කින් යුතු නඩුව විභාග කරන ලෙස නීතිපති සංජය රාජරත්නම් විසින් කරන ලද ඉල්ලීමක් පිළිගනිමින් අගවිනිසුරුවරයා මෙලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කළේය.

එම විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා වශයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත පත්කර ඇති අතර අනෙක් සාමාජික විනිසුරුවරුන් වශයෙන් අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන් පත් කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!