30 C
Galle

අධිකරණ රෙජිස්ට්‍රාර් අල්ලස් දැලේ පැටලේ

Published:

තෙල්දෙණිය දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය අල්ලස් හා දූෂණ චෝදනා කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණ නියෝගයක් අනුව දේපළ තහනම් කිරීමේ වෙන්දේසියක් කඩිනමින් සිදුකිරි සඳහා රුපියල් 10,000.00ක අල්ලසක් ගන්නා අවස්ථාවක දී ඇය මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව පවසන්නේ ඇය තෙල්දෙණියේ රාජ්‍ය බැංකුවක් අසළ දී මෙම අල්ලස් මුදල ලබාගත් බවයි. විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකුගේ පැමිණිල්ලකට අනුව එම අත්ඩංගුවට ගැනීම සිදුව ඇත.

ඇය අද (18) මහනවුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!