ආමර්වීදිය පොලිස් නිලධාරීන්ට පීසීආර් පරීක්ෂණ

0
105

ආමර්වීදිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු 16 දෙනකු නිරෝධායනය සඳහා යොමුකිරිමට සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම පොලිස් ස්ථානයේ සේවය කරන සැරයන්වරයකුගේ පවුලේ සාමාජිකයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් මෙලෙස ඔවුන් නිරෝධායනයට යොමුකිරීමට සිදුව ඇත.

ඔවුන් සියලු දෙනාගේම පීසීආර් පරීක්ෂණ අද (19) දින පැවැත්වීමට නියමිත බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.


 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here