27.3 C
Galle

PHIට බැණ පහරදුන් දෙදෙනකු රිමාන්ඩ්

Published:

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට පරුෂ වචනයෙන් බැණ වැදී අතින් පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකු ලබන 06 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගල්ගමුව මහේස්ත්‍රාත් විසින් නියෝගයක් නිකුත්කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ අවුරුදු 24 සහ 42 වයස්වල පසුවන දෙදෙනෙකි.

තිඹිරියාපොකුණ ප්‍රදේශයේ දී මුඛ ආවරණ නොමැතිව සිටි මේ දෙදෙනාට මුඛ ආවරණ පැළඳ ගන්නා ලෙස උපදෙස් දුන් අවස්ථාවේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ රාජකාරියට බාධා කරමින් බැණ වැදී අතින් පහරදුන් බවට ගිරිබාව පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!