26.9 C
Galle

බලු බද්දක් එයි ?

Published:

නිවෙස්වල ඇතිකරන සුනඛයන් සඳහා බලු බද්දක් හඳුන්වාදීමට දඹුල්ල මහ නගර සභාව කටයුතු කරමින් තිබේ.

2022 ජනවාරි මස 31 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බලු බද්ද පැනවීමේ යෝජනාවක් ගෙනඑන බව දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත පත්‍රිකාවක් මගින් සියලුම නාගරික මන්ත්‍රීවරු වෙත දැනුම් දී තිබේ.

ඒ යෝජනාව අනුමත වුවහොත් දඹුල්ල මහ නගර සභා සීමාවට අයත්වන ග්‍රාම නිලධාරී වසම් 13ක නිවෙස්වල ඇතිකරන සුනඛයන් සඳහා බදු අයකරනු ඇත.

අවසන් වරට මෙරට බලු බද්දක් ක්‍රියාත්මක වී ඇත්තේ බ්‍රිතාන්‍යයන්ගේ පාලන කාලයේ දී ය.

Related articles

spot_img
error: Content is protected !!