29.4 C
Galle

නිරෝධායන නීති නොතකා අවමංගල්‍යය උත්සවයක් පැවැත්වෙයි

Published:

නිරෝධායන ඇඳිරිනීති සහ සෞඛ්‍ය උපදෙස් නොතකා අවමංගල්‍ය උත්සවයක් සඳහා විශාල පිරිසක් සහභාගී වීමේ සිද්ධියක් ඊයේ (04) යාපනයේ අච්චුවේලි ප්‍රදේශයෙන් වාර්තා විය.

පසුගිය 02 වැනි දා අකුණුසැර වැදී මියගිය 40 හැවිරදි පුද්ගලයකුගේ මරණයක් සඳහා මෙලෙස විශාල පිරිසක් සහභාගී වී ඇත. අච්චුවේලි නාවට්කාඩු පදිංචි එම පුද්ගලයාගේ දේහය අවසන් කටයුතු සඳහා රැගෙන යාම ද පෙරහැරක ආකාරයෙන් සිදුවූ බව වාර්තාකරුවන් පවසයි.

මෙලෙස අවමංගල්‍ය පෙරහැරක් පැවැත්වෙන බව දැනගත් පොලිසිය පැමිණ පිරිස විසුරුවා හැර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!