28.7 C
Galle

අකුණක්, අවමඟුලකට ආ 25ක් රෝහලට යවයි

Published:

මාවනැල්ලේ බැමිණිවත්ත සුසාන භූමියට අද (26) අකුණක් වැදීමෙන් 25 දෙනකු රෝහල්ගත කළ බව පොලිසිය කියයි.

එම අකුණ වදින අවස්ථාවේ දී සුසාන භූමියේ පැවැති අවමංගල්‍ය උත්සවයක් සඳහා පැමිණ සිටි පිරිසක් මෙලෙස රෝහල්ගත කිරීමට සිදුව ඇත. මියගිය කාන්තාවකගේ දේහය එහි තැන්පත් කරමින් සිටිය දී පොල්ගසකට අකුණු සැර වැදී ඇත. අකුණ වැදීමත් සමඟම එහි සිටි අය තැන තැන ඇද වැටුණු බව ද සිද්ධිය ඇසින් දුටුවෝ කියති.

Related articles

spot_img
error: Content is protected !!