29.4 C
Galle

පාස්කු ප්‍රහාරය ආගමික අන්තවාදී ප්‍රහාරයක් නොව දේශපාලන ප්‍රහාරයක් (වීඩියෝ)

Published:

පාස්කු ප්‍රහාරය එල්ල කළේ ආගමික අන්තවාදීන් පිරිසක් නොවන බවත් එය අතකොළුවක් කරගෙන තම දේශපාලන බලය ශක්තිමත් කිරීමට වෙරදැරූ පිරිසක් බවත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියේය.

කාදිනල්වරයා මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකිරීම සඳහා ඉදිකරන ලද ස්මාරක ආසිරි ගැනීවීමේ අවස්ථාවට අද (18) එක් වෙමිනි. පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් 09 දෙනකු සිහිකිරීම සඳහා බොරැල්ල සුසාන භූමියේ ඉදිකර තිබූ ස්මාරකයක් ආසිරි ගැනීවීම අද සවස එහි පැමිණි කාදිනල්වරයා විසින් සිදුකරන ලදී. ඉන් පසු මාදම්පිටිය සුසාන භූමියේ ඉදිකළ ස්මාරකයක් ද ආසිරි ගැන්වීම සිදුකළේය.

Related articles

spot_img
error: Content is protected !!