27 C
Galle

දෙවි පුදට ගිය බැතිමතුන් පොලිසියෙන් හරවා යවයි

Published:

නිරෝධායන ඇඳිරිනීති නොතකා යාපනයේ නල්ලූර් කන්දසාමි කෝවිලේ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (05) පැවැත්වීමට ගිය වාර්ෂික පූජාව නවතා දැමීමට නිලධාරීන් 300කට වඩා යෙදවීමට සිදුවූ බව පොලිසිය පවසයි.

පොලිසිය මැදිහත්වී සාමාන්‍ය බැතිමතුන් සහභාගීත්වය වැළැක්වීම හේතුවෙන් කෝවිලේ කුරුක්කල්වරුන් පමණක් එක්වී පූජාව පවත්වා ඇත.

මෙම කෝවිලේ පූජාවේ දී රථ ඇඳීමට බව කියමින් අති විශාල පිරිසක් කෝවිල අසළට රැස්වෙමින් සිටි බවත් එම අවස්ථාවේ දී පොලිසිය ඔවුන්ට කරුණු පැහැදිලි කළ ද අවවාද නොතකා කෝවිලට ඇතුළුවීමට ඔවුන් උත්සාහ ගෙන තිබේ.

එම අවස්ථාවේ දී පොලිසිය කෝවිලට ඇතුළුවන සියලු දොරටු අවරණය කර ඒවා වසා දමා ඔවුන් ඇතුළුවීම වළක්වා තිබේ.  

Related articles

spot_img
error: Content is protected !!