26.8 C
Galle

කරාපිටිය රෝහලේ දී 12-19 වයසේ දරුවන්ට කොරෝනා එන්නත් දීම අරඹයි

Published:

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සහ විවිධ නිදන්ගත රෝගවලින් පීඩා විඳින වයස අවුරුදු 12-19ත් අතර ළමයින් සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලෙන් කොරෝනා මර්ධන ෆයිසර් එන්නත ලබාදීම අද (02) උදෑසන ආරම්භ කෙරිණි.

ඒ අනුව අද පෙරවරු 8.00 සිට මධ්‍යහ්න ‍12.00 දක්වා එන්නත්කරණය සිදුකෙරිණි.

හෙට (03) උදෑසන 8.00 සිට ද මධ්‍යහ්න 12.00 දක්වා කරාපිටිය ශික්ෂණ රෝහලේ සායන කාමර අංක 04 දී එන්නත් සිදුකරන අතර සඳුදා  (04) දිනයේ දි ද උදෑසන 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා සායන කාමර අංක 02 දී එන්නත් සිදුකිරීමට නියමිතය.

විශේෂ අවශ්‍යතා සහ නිදන්ගත රෝග ඇති දරුවන්ගේ රෝග පිළිබඳ තොරතුරු සහිත සායනික පත්‍ර රැගෙන පැමිණෙන ලෙස කරාපිටිය රෝහලේ පාලන අධිකාරිය දැනුම් දෙයි.

Related articles

spot_img
error: Content is protected !!