27 C
Galle

කොරෝනා මර්ධනයට කැපවූ වෛද්‍යවරයාගේ මවත්, පියාත් කොරෝනා නිසා මරුට

Published:

කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර ලබාදීමට අනුරාධපුරයේ වෙන්කර තිබූ මෙත්සිරි සෙවණ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය චින්තක රත්නසූරියගේ මව සහ පියා දෙදෙනාම එම මධ්‍යස්ථානයේ ම ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

අනුරාධපුර රෝහලට අනුබද්ධව මෙත්සිරි සෙවණ ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට ද මූළිකත්වය ගෙන ක්‍රියාකරන ලද්දේ වෛද්‍ය රත්නසූරියයි. ඔහු එහි ස්ථානභාර වෛද්‍යවරයා ලෙස ද කටයුතු කළේය.

වෛද්‍යවරයාගේ මව පෙරේදා (05) මියගිය අතර එ් වනවිට ඇය 66 වැනි වියේ පසුවූවාය. 76 හැවිරිදි වියේ පසු වූ පියා අද (07) අළුයම මියගිය බව රෝහල් ආරංචිමාර්ග සඳන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!