26.9 C
Galle

බෙන්තොට පාසලක සිසු සිසුවියන් 17කට කොරෝනා

Published:

ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට පිහිටි ජාත්‍යන්තර පාසලක සිසුන් 17 දෙනකු කො‍රෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම සිසුන් පිරිස ආසාදිත බව හඳුනාගෙන ඇත්තේ එහි සිසු සිසුවියන් 51 දෙනකු සඳහා සිදුකරන ලද පරීක්ෂණවලිනි.

කොරෝනා රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් ඔවුන්ට මෙලෙස පරීක්ෂණ සිදුකර ඇත.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ ඔවුන් බෙන්තොට, අලුත්ගම, ඌරගස්මංහන්දිය සහ කොස්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

Related articles

spot_img
error: Content is protected !!