29.8 C
Galle

අතුරුදන් වූ ගැහැනු දරුවන් යළි නිවෙස්වලට ම ඇවිත්

Published:

අතුරුදන්ව සිටි බාලවයස්කර ගැහැනු දරුවන් තිදෙනා යළි නිවෙස්වලට පැමිණ ඇති බව කෙසෙල්වත්ත පොලිසිය කියයි.

පසුගිය 08 වැනි දා උදෑසන නිවසින් පිටව ගිය මේ තිදෙනා යළි නිවසට නොපැමිණීම හේතුවෙන් ඔවුන්ගේ දෙමාපියන් විසින් ඒ බව පොලිසියට දැනුම් දී තිබිණි. පොලිසිය ද ඒ සම්බන්ධ විමර්ශන කටයුතු ආරම්භ කර තිබූ අතර ඊයේ (09) සවස ඔවුන් තිදෙනා යළි නිවෙස් වෙත පැමිණ ඇත.

වයස අවුරුදු 13-15 පසුවන මොවුන් එකම පවුලේ අක්කා, නංගී සහ ඥාති සොයුරියක් බව ද පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!