26.9 C
Galle

එන්නත් සියල්ල අභිබවා යන කොරෝනා නව ප්‍රභේදයක් ?

Published:

කොරෝනා මර්ධන එන්නත් අභිබවා යන විකෘති කොරෝනා ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නව ප්‍රභේදය B.1.1.529 ලෙස නම්කර තිබේ.

එරට බෝවන රෝග පිළිබඳ ජාතික ආයනය පවසන්නේ එන්නත්කරණය සාර්ථකව සිදුවූ ප්‍රදේශවලින් ද මේ නව විකෘතිය සොයාගත හැකි වූ බවයි. එය මීට පෙර වාර්තාවූ කොරෝනා වයිරස ප්‍රභේදවලට සාපේක්ෂව ඉහළ විකෘතිතා පෙන්වන බැවින් එන්නත්වල ප්‍රතිශක්තිය අභිබවා යාමේ හැකියාව ඇතැයි ද එම ආයනය පවසයි. ඒ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ පැවැත්වේ.

මෙම නව ප්‍රභේදය බොට්ස්වානා සහ හොංකොංවලින් ද ‍දැනටමත් වාර්තා වී ඇත.

ඒ හේතුවෙන් විකෘති වූ නව ප්‍රභේදයේ පැතිරීම ද වේගවත් යැයි පර්යේෂකයන්ගේ අදහස වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!