අද (30) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ කොටස් මිලියන 3.4ක් ගනුදෙනු වූ ඇක්සස් ඉංජිනියරින් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම ලෙස රුපියල් මිලියන 272ක් වාර්තා කරන ලදී.
අද කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 13,706ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1553ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 04ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 20,812ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ඇක්සස් ඉංජිනියරින් සමාගම මිලියන 272
- ජෝන් කීල්ස් සමාගම මිලියන 113
- සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම මිලියන 100
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 6.7
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 06
- එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 4.5
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එස් එම් බී ලීසින් සමාගම 10%
- රම්බොඩ ෆෝල්ස් සමාගම 09%
- සී අයි සී සමාගම 07%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 415
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 334
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 333
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 95 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 162ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 67ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- පෑන් ඒෂියා බැංකුව රුපියල් මිලියන 23
- අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 18
- ඇක්සස් ඉංජිනියරින් සමාගම රුපියල් මිලියන 14
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 55
- සන්ෂයින් හෝල්ඩිංස් සමාගම රුපියල් මිලියන 28
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 27
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



