28.7 C
Galle

ගෑස් බෙදාහැරීම වහාම අත්හිටුවයි. ගත වූ පැය 24 දී පිපිරීම් 20ක්

Published:

ගෑස් ටැංකි පුපුරායාමේ සිද්ධීන් සැළකිල්ලට ගනිමින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළෙඳ පොළට නිකුත් නොකරන ලෙස ගෑස් සමාගම්වලට දැනුම් දුන් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම දැනුම් දීම සිදුකර ඇත්තේ ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් විශේෂඥයන්ගෙන් ලැබුණු උපදෙස් අනුවය. ඊයේ සවස 6.00ට අවසන් වූ පැය 24ක කාලයේ දී ශ්‍රී ලංකාව පුරා ගෑස් ටැංකි පිපිරීම් 20ක් වාර්තා වූ අතර මෙම වසරේ දී මෙතෙක් වාර්තා වූ පිපිරීම් ගණන 135කි’

මේ අතර ගෑස් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ශ්‍රී ලංකා පතීතන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් එහි සාම්පල රැගෙන ඇත. එම සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු ගෑස් මෙරටට ගොඩබෑම පිළිබඳ අවසන් තීරණය ගන්නා බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

Related articles

spot_img
error: Content is protected !!