29.4 C
Galle

මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණකරු තනතුරෙන් සමුගනිමින් කී කතාව

Published:

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ මිකී ආතර් අද (03) අවසන් වූ ශ්‍රී ලංකා කොදෙව් සංචාරයෙන් පසු සිය ධූරයෙන් සමුගත්තේය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පූර්ණ තරඟාවලි ජයග්‍රහණයකින් තම සමුගැනීම සටහන් කළ පුහුණුකරුවා මාධ්‍ය හමුවේ කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාත් හොඳ අනාගතයක් හිමිව ඇති බවයි.

“ශ්‍රි ලංකා ඉතාමත් සුන්දර රටක්. මම මෙහි ගත කරපු කාලය අමතක වෙන්නේ නැහැ. ඒක විශිෂ්ඨ ගමනක්. ශ්‍රී ලංකා කණ්ඩායමට වසර 02ක් වැනි ඉතාමත් දුෂ්කර කාලයක් පසුකරන්න වුණා. ඉතාමත් දක්ෂ තරුණ ක්‍රීඩකයන් රැසක් ඉන්නවා. ඒ වගේම මේ වෙලාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අමතක කරන්නත් බැහැ. ඔවුන් විශාල කැපවීමක් කරනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දැන් ඉතාමත් හොඳ තැනකට ඇවිත් තියෙනවා.”

Related articles

spot_img
error: Content is protected !!