28.9 C
Galle

මිල්කෝ සමාගමේ කිරි පැකට් වළ දාලා

Published:

මිල්කෝ සමාගමට අයත් දිගන කර්මාන්තශාලාවේ නිෂ්පාදන කළ කිරිපිටි පැකට් 122,000ක් වළ දැමීමට සමාගමේ පාලන අධිකාරිය කටයුතු කර තිබේ.

මිලි ලීටර 180 ප්‍රමාණයේ වැනිලා රසැති කිරිපිටි පැකට් මෙලෙස වළ දැමූ බව එම සමාමේ ප්‍රකාශකයකු කීවේය.

පසුගිය නොවැම්බර් 27 වැනි දා නිෂ්පාදනය කර ඇති මෙම කිරි පැකට් සඳහා එළකිරි ලීටර 22,000ක් පමණ යොදාගෙන ඇති අතර යම් නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් එය වළ දමා ඇත්තේ නොවැම්බර් 30 වැනි දිනයේ දී ය. පොලිතීන් කවර ද සහිතව මෙය වළදමා තිබේ.

මිල්කෝ ආයතනයේ සේවකයන් පවසන්නේ නිසි පරිදි රසායනාගාර පරීක්ෂණ සිදු නොකිරීම හේතුවෙන් මෙවැනි නාස්තිවීම් සිදුවන බවයි.

පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන, කිරි සහ බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත්ගෙන් මේ සම්බන්ධයෙන් විමසූ විට මේ සිද්ධිය පිළිබඳ සොයා බලන බව කීවේය.

Related articles

spot_img
error: Content is protected !!