26.8 C
Galle

කකුළු මස්, බිත්තර මිල ඉහළ යන අයුරු මෙන්න

Published:

සත්ව ආහාර මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් කුකුළු මස් සහ බිත්තර මිල ද වැඩිවනු ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මංජුල සුමිත් මාගමගේ පවසයි.

මෙලෙස මිල ඉහළ යාම හේතුවෙන් කුඩා සහ මධ්‍ය පරිමාන සත්ව නිෂ්පාදකයන් තම ව්‍යාපාර කටයුතු නවතා දැමීමට පවා කටයුතු කර ඇති බව සභාපතිවරයා පෙන්වාදෙයි.

පසුගිය ජනවාරි මාසයේ සත්ව ආහාර ටොන් 01ක මිල රුපියල් 98,000.00කට තිබූ අතර මේ වනවිට එය රුපියල් 278,000.00ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ හේතුවෙන් සුළු සහ මධ්‍ය පරිමාන සත්ව නිෂ්පාදකයන් ව්‍යාපාරික කටයුතුවලින් ඈත්වීම නිසා මහා පරිමාන සමාගම්වලට වෙළෙඳ පොළ ඒකාධිකාරියක් නිර්මාණය විය හැකි බවත් ජුනි මාසයේ දී කුකුළු මස් කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 1,500.00 දක්වාත් බිත්තරයක මිල රුපියල් 45.00ක් දක්වාත් වැඩිවන බව සභාපතිවරයා කීවේය.

Related articles

spot_img
error: Content is protected !!