29.4 C
Galle

සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් වේ. ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ

Published:

ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ඉන්දුනීසියාවේ මවුමරේ නගරයේ සිට කිලෝ මීටර 112ක් ඈත මුහුදේ අද උදෑෂන 8.50ට පමණ සිදුව ඇති රිච්ටර් මාපක 7.3ක භූමිකම්පාවක් හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.

එම භූමි කම්පාවේ අපි කේන්ද්‍රය මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 18.4ක් ගැඹුරින් පිහිටා ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

භූමි කම්පාව සිදුව ඇත්තේ ස්ථානය අනුව ශ්‍රී ලංකාව දෙසට ගොඩබිම් පිහිටා ඇති බැවින් මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි තත්වයක් ඇති වුව ද ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් සිදුවන්නේ නැත.

(මෙම සතියමේ රතු පැහැති තිතකින් දක්වා ඇත්තේ එම භූමිකම්පාව සිදුවූ ස්ථානයයි)

Related articles

spot_img
error: Content is protected !!