29.8 C
Galle

දියර පොහොර පුපුරන්නේ ඇයි ?

Published:

දියර පොහොර පිපිරීමට හේතුව ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ කාබනික දියර පොහොර නිෂ්පාදන ආයතනවල නිලධාරීන් සහ පොහොර ලේකම් කාර්යාලය ප්‍රධානී අතර ඊයේ (13) සවස පැවැති සාකච්ඡාවකින් පසුවය.

දියර පොහොර ප්‍රවාහනය කිරීමේ දී සහ ගබඩා කිරීමේ දී සිදුවන වෙනස්වීම් හේතුවෙන් මෙම තත්වය ඇතිවන බව ද හෙතෙම කීවේය. මෙම පොහොර ගැන විශේෂ විමර්ශනයක් කළ බවත් දේශීය සමාගම්වලට නිසි ප්‍රමිතියෙන් යුතුව දියර පොහොර නිෂ්පාදනය කිරීමට අවශ්‍ය උපදෙස් දුන් බවත් අධ්‍යක්ෂවරයා පවසයි.

මේ වනවිට කාබනික දියර පොහොර නිෂ්පාදනය කරන ආයතන 35කින් පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයක් බිහිකිරීමේ අරමුණෙන් දියර පොහොර ලබාගනී.

Related articles

spot_img
error: Content is protected !!