26.8 C
Galle

පාසල් දැරියක අතුරුදන්. ඇගේ පෙම්වතා යැයි සැකපිට අත්අඩංගුවට ගත් අයෙක් රිමාන්ඩ්

Published:

මහනුවර බාලිකා විද්‍යාලයක 10 ශ්‍රේණියේ සිසුවියක අතුරුදන්වීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් 20 හැවිරිදි තරුණයකු හෙට (16) දක්වා රිමාන්ඩ් කිරීමට මහනුවර මහේස්ත්‍රාත් දුමින්ද ප්‍රභාත් මුදුන්කොටුව අද (15) නියෝග කළේය.

එම සිසුවිය පසුගිය 09 වැනි දා සිට අතුරුදන්ව ඇති බවට ඇගේ දෙමාපියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පේරාදෙණිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබිණි. ඉන් පසු මහනුවර පොලිසිය විසින් මෙම සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන පේරාදෙණිය පොලිසිය භාරදීමෙන් පසු මෙලෙස අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

නාවලපිටියේ පදිංචිකරුවකු වන එම තරුණයා අතුරුදන් වූ බාලවයස්කාර සිසුවිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති බවට අනාවරණය වී ඇති බැවින් වැඩිදුර විමර්ශන සඳහා අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

Related articles

spot_img
error: Content is protected !!