27.7 C
Galle

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය රොෂාන් මහනාමට ?

Published:

ශ්‍රී ලංකා කණ්ඩාය‍මේ හිටපු ආරම්භක පිතිකරු සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ හිටපු තරඟ තීරකයකුවන රොෂාන් මහනාම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුරුකරු ධූරය භාරගැනීම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර තිබේ.

මීට මාස කිහිපයකට පෙර ඒ සඳහා ඔහුට ආරාධනයක් ලැබී තිබුණත් ඒ සඳහා එය සුදුසු වේලාව නොවන බව කියමින් ඊට කාලය අවශ්‍ය බව ද සඳහන් කර තිබිණි. ක්‍රීඩකයන් සමඟ පසුගිය අවුරුදු කිහිපයක් ම කටයුතු කර නොමැතිවීම නිසා එයට හොඳ කණ්ඩායක් අවශ්‍ය්‍ය බැවින් එවැනි කාලයක් ගත් බව මහානාම පවසයි.

ඔහු පවසන්නේ තමන් පුහුණුකරු වූ විගස සියලු ප්‍රශ්නවලට විසඳුම් ලබාගත නොහැකි බවයි. ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වගකීම් ඇති බවත් තමා පත්කිරීම ද මේ ගැටලුවලට තාවකාලික විසඳුමක් පමණක් විය හැකි බවත් ඔහුගේ අදහසයි. තමන් ප්‍රධාන පුහුණුකරු වශයෙන් පත්කිරීමන් ප්‍රශ්න වසා ගැනීමක් බව ද හෙතෙම කීවේය.

රොෂාන් මහනාම “වේදනාත්මක සමුගැනීමෙන් යළි තීරක ලෙස පිටියට” යන ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙලේ දී මේ බව කියා සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!