26.8 C
Galle

හොර පාරේ රටෙන් පන්නන්න හැදූ විදෙස් මුදල් තොගයක් කටුනායක දී අල්ලයි

Published:

ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 650ක් පමණ වටිනා විදේශ මුදල් තොගයක් අද (24) කටුනායක ගුවන් තොටුපොළේ දී ගුවන් මගීන් 07 දෙනකු සන්තකයේ තිබී සොයාගත් බව ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධරීන් පවසයි. මෙම මුදල් අතර ඇමෙරිකානු ඩොලර්, යූරෝ සහ ස්ටර්ලින් පවුම් තිබී ඇත.

රේගුවට දැනුම් නොදී මෙම මුදල් රටින් පිටතට රැගෙන යාමට උත්සාහ ගැනීමේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.

රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා සඳහන් ශ්‍රී ලංකන් එයාර් ලයින් යානයකින් පිටව යාමට සූදානම්ව සිටි මෙම මගීන් 07 දෙනාගේ ගමන් මලු තුළ ඉතාමත් සූක්ෂම ලෙස මුදල් තොගය රඳවා තිබූ බවයි.  මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව ද රේගුව පවසයි.

Related articles

spot_img
error: Content is protected !!