31.6 C
Galle

බැංකුවලින් ඩොලර් හොයන්න මහ බැංකු අධිපතිගෙන් අලුත් නියෝගයක්

Published:

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු මගින් සිදුවන සියලුම විදේශ ගනුදෙනුවලින් 25%ක් සතිපතා ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතුයැයි මහ බැංකු අධිපති අජිඩ් නිවාඩ් කබ්රාල් නියෝග කර තිබේ

මෙම නියෝගය දෙසැම්බර් 27 සිට බලපැවැත්වෙයි.

ඒ අනුව සියලු වාණිජ බැංකු සතු ඩොලර්වලින් 75%ක් බැංකුව සතුව තබාගෙන 25%ක් සතිපතා රජයට ගැනීමට අපේක්ෂිතය. බැංකු පද්ධතියට මේ හේතුවෙන් දැඩි බලපෑමක් සිදුවනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පවසති. ඇතැම් බැංකු සතුව එවැනි විදේශ විනිමය ප්‍රමාණයක් නොමැති බව ද ඔවුහු පෙන්වා දෙති.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ පවසන්නේ දැනට මෙරට භාණ්ඩ ආයනයට තවත් අහිතකර ලෙස එම නියෝගය බලපෑමට ඉඩ ඇති බවයි. ආනයනකරුවන්ට බැංකු හරහා ණයවර ලිපි විවෘත කිරීමේදී මේ හේතුවෙන් ආනයනකරුවන් මෙන්ම බැංකු පද්ධතිය ද බරපතළ ගැටලුවලට මුහුණදීමට සිදුවනු ඇති බව මහාචාර්යවරයා කීවේය.

Related articles

spot_img
error: Content is protected !!