26.9 C
Galle

සහල් මිල යළි වැඩි වෙයි ද ?

Published:

වෙළෙඳ පොළ සහල් මිල මේ වනවිට රුපියල් 10.00 සිට 30.00 දක්වා ප්‍රමාණයකින් ඉහළ‍ ගොස් ඇති අතර ඉදිරියේ දී තවදුරටත් මිල ඉහළ යනු ඇතැයි වාර්තා වේ.

රජය සහල් මිල පාලනය කිරීමෙන් ඉවත්වීමත් සමඟ මෙලෙස දිගින් දිගටම සහල් මිල ඉහළ ගොස් ඇති අතර මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහල් මිල සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේ දී තීරණය කර ප්‍රකාශයක් කිරීමට ද නියමිත බව වාර්තා ව‍ේ.

සහල් ආනයනකරුවන් ද කියා සිටියේ මේ වනවිට ආනයනය කරන ලද සහල් තොග අවසන්ව ඇති බවයි.

මෙලෙස සහල්වර්ගවල සැපයුම් සීමා වීම ද මිල ඉහළ යාමට හේතුවක් වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!