28.7 C
Galle

දුමින්ද නාගමුව අත්අඩංගුවට ගත් හේතුව පොලිසිය කියයි

Published:

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විවෘත වරෙන්තුවකට අනුව අද (04) අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.

කඩුවෙළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් ඔහු බොරැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණයට අපහාසවන අන්දමින් නිර්මාණ්‍ය කරන ලද ආකෘතියක් අධිකරණ නාම පුවරුවේ සවිකර 2021-11-09 වැනි දින අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව මෙම විවෘත වරෙන්තුව නිකුත්කර තිබූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

Related articles

spot_img
error: Content is protected !!