28.7 C
Galle

විදුලි කප්පාදුවක් ළඟ ළඟ ම එයි ?

Published:

ඩීසල් මිල දී ගැනීමට අවශ්‍ය ඩොලර් නොමැතිවීම හේතුවෙන් ඉදිරි දිනවල දී විදුලි කප්පාදුවක් සිදුවිය හැකි  බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පවසයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සහ සපුගස්කන්ද තාප විදුලි බලාගාරය ඩීසල් නොමැතිවීම හේතුවෙන් දැනටමත් වසා දමා ඇති බව ද ඔහු කියයි. ඩොලර් නොමැතිවීම නිසා තාප විදුලි බලාගාරයට අව්‍ය ඩීසල් තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නොලැබීම ඊට හේතු වී ඇත.

පසුගිය දිනවල අඛණ්ඩව වැසි ඇදහැළුණු බැවින් ජල විදුලිය ප්‍රමාණවත් සැපයුමක් තිබිණි. නමුත් ජලාශවල රොන්මඩ විශාල වශයෙන් පිරී තිබීම හේතුවෙන් උපරිම ධාරිතාවක් නොතිබීමත් වැස්ස අඩුවූ වහාම ජල මට්ටම පහත වැටීමත් හේතුවෙන් ජල විදුලිය ලබාගැනීම ඉදිරි දිනවල දී ගැටලුවක් වන බවද ඔහු පෙන්වා දෙයි.

මීට අමතරව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ‍මෙගා වොට් 300 බැගින් වූ විදුලි ජනන යන්ත්‍ර තිබුණ ද ඩොලර් ප්‍රශ්නය ඊට ද හරස්විය හැකි බව ඔහු පවසයි.

මේ හේතුවෙන් ඉදිරි දිනවල දී අඛණ්ඩ විදුලි සැපයුමක් සිදුකිරීමට හැකි නොවනු ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

Related articles

spot_img
error: Content is protected !!