29 C
Galle

හෙට (10) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු ඉහළට

Published:

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ගනු ලැබූ නවතම තීරණයකට අනුව, 2026 වසරේ දෙවන හා තෙවන කාර්තු සඳහා බලපැවැත්වෙන පරිදි විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ නංවා තිබේ.

හෙට (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන මෙම සංශෝධනය ප්‍රධාන වශයෙන්ම බලපානු ලබන්නේ මාසික විදුලි පරිභෝජනය ඒකක 180 ඉක්මවන ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා පමණක් වන අතර ඒකක 180ට අඩු පාරිභෝගිකයන් සඳහා කිසිදු ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව එම කොමිෂන් සභාව අවධාරණය කරයි.

විදුලි පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඇතිව තිබෙන රුපියල් බිලියන 38ක පමණ මූල්‍ය හිඟය පියවා ගැනීම මෙම ගාස්තු සංශෝධනයේ මූලික අරමුණ වී ඇත.

කෙසේ වෙතත් රජය විසින් රුපියල් බිලියන 15ක සහනයක් ලබාදීමට ලිඛිතව එකඟ වීම හේතුවෙන් සමස්ත පාරිභෝගිකයන්ගෙන් 95%කටම මෙම ගාස්තු වැඩිවීමේ බලපෑම එල්ල නොවන බවත්, එය බලපානු ලබන්නේ ඉතිරි 5%ක පිරිසකට පමණක් බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව පෙන්වා දෙයි.

මෙම 18%ක ගාස්තු වැඩිවීම ගෘහස්ථ ඒකක 180ට වැඩි පාරිභෝගිකයන්ට අමතරව සියලුම රාජ්‍ය ආයතන සඳහා ද අදාළ වේ.

පොදු කාර්යය, පූජනීය ස්ථාන සහ හෝටල් ක්ෂේත්‍රය යටතේ ඒකක 180ට වඩා ඉහළ පරිභෝජනයක් සහිත කාණ්ඩ සඳහා මෙම වැඩිවීම ක්‍රියාත්මක වන අතර සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සඳහා ගාස්තු වැඩිවීමක් සිදු නොවන නමුත් මහා පරිමාණ කර්මාන්ත සඳහා 18%ක ගාස්තු වැඩිවීමක් අදාළ වනු ඇත.

Related articles

spot_img
error: Content is protected !!