28.9 C
Galle

නොරෝච්චෝලේ අක්‍රියවීමට ආසන්නයේ ? විදුලි අර්බුදය තවත් දරුණු වෙයි

Published:

නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඇණහිටීමේ විශාල අවදානමක් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ සංගමය පවසයි.

බලාගාරයේ දෙවැනි සහ තුන්වැනි ජනන යන්ත්‍රවල වාර්ෂික නඩත්තු කටයුතු වසර දෙකකින් පමණ සිදුකර නැතැයි එම සංගමයේ ලේකම් එරංග කුඩාහේවා කීවේය. ඉදිරි මාසයේ දී මේ නඩත්තු කටයුතු සිදුකිරිමට අපේක්ෂා කළ ද අමතර කොටස් නොමැතිවීම හේතුවෙන් එම කාර්යය ඉටුකරගත නොහැකිිවනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

අමතර කොටස් ලබාගැනීම සඳහා ණයවර ලිපි මෙතෙක් නිකුත්කර නැත.

නොරොච්චෝල විදුලි බලාගාරයේ බිඳවැටීමක් සිදුවුවහොත් එය යථා තත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය අමතර කොටස් මේ වනවිට විදුලිබල මණ්ඩලය සතුව නැත.

Related articles

spot_img
error: Content is protected !!